සේවක ඔබට ශ්‍රම වාසනා අරමුදලින් ලැබෙන ප්රතිලාභ හා සේවාවන් මොනවාද?
අරමුණු 01
- වෛද්‍ය සායන /අක්ෂි සායන සේවා
- ශ්‍රමිකයින් සවිබල ගැන්වීමේ වැඩසටහන්
- ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්
අරමුණු 02
- වෘත්තීය හා තෘතීය පාඨමාලා සඳහා යොමු කිරීම.
- වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්.
අරමුණු 03
- වෛද්‍යාධාර ලබාදීම (වෘත්තීය රෝග සඳහා)
- හදිසි ආපදා සහන ලබාදීම.
- වාත්තීමය සෞඛ්‍ය සුරක්ෂිතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්.
අරමණු 04
- නීතී ආධාර සේවාව.
අරමුණු 05
- මරණීය අනතුරු ව්යසනයේහිදි මූල්‍යාධාර හා අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ.
- පූර්ණ ආබාධිත ව්‍යසනයන්හිදි මූල්‍යධාර/ආබාධිත තත්ත්වයන්ට ගැලපෙන උපකරණ/ අධ්‍යාපන ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ.
- ස්වභාවික ව්යවසනයන්හිදි සහන සහ මූල්‍යාධාර.
අරමුණු 06
- ශ්රමයට අභිමාන් විශිෂ්ඨ සේවා ඇගයීම.
- ශ්රමයට අභිමන් වෛද්‍යාධාර පිරිනැමීම.
නීතී ආධාර සේවා
සේවක ඔබ ශ්‍රම වාසනා අරමුදලින් නීති ආධාර ලබාගන්නේ කෙසේද?
ඔබගේ සේවා ස්ථානයෙන් අත්තනෝමතිකව ඔබව සේවයෙන් පහකලවිට හෝ සේවා ස්ථානය ඔබට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති විටක ඔබට ශ්‍රම වාසනා අරමුදලින් නීති ආධාර අයදුම් කළ හැකිය.
නීති ආධාර සේවයෙන් සේවක ඔබට ලැඛෙන ප්රතිලාභ මොනවාද?
- ඔබේ පැමිණිල්ල ගොනුකිරීම සඳහා නීතීඥයෙකුගේ හෝ නීති නියෝජිතයෙකුගේ සහය සඳහා සම්බන්ධ කරවීම.
- ඔබ විසින් නීතීඥ/නීතිනියෝජිත හට ගෙවන ලද ගාස්තු පියවා ගැනීමට රු. 20,000/= ක උපරිමයක මූල්‍ය සහන
නීති ආධාර ලබා ගැනීමට ඔබට තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාද?
- ඔබ සේවයෙන් පහකරන අවස්ථාවේදී ලැබූ මූලික වැටුප රු.30,000/= ට අඩු හෝ සියලු දීමනා සහිත වැටුප රු.15,000/= කට නොවැඩි හෝ විය යුතුය.
- ඔබගේ පැමිණිල්ල පහත දැක්වෙන ආයතන වලින් එකක ගොනුකළ යුතුය.
- කම්කරු විනිශ්චය සභාවක
- කාර්මික අධිකරණයක
- කම්කරු වන්දි කොමසාරිස් වෙත හෝ
- කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කිරීමේ අංශයේ
- ඔබ වෙනුවෙන් නීතීඥයෙකු/නීති නියෝජිතයෙකු පෙනී සිටිය යුතුය.
නීති ආධාර ලබා ගැනීමට ඔබ විසින් අයදුම්පත සමඟ ඉදිරිපත් කළයුතු ලේඛන කවරේද?
- ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළ ලියවිලි. (ජාතික හැඳුනුම්පතේ/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පැහැදිලි ඡායා පිටපතක් ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් සහතික කර ඉදිරිපත් කළ යුතුය).
- ඔබගේ පදිංචිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි. (DS4 ආකෘති පත්‍රය මගින් පදිංවිය සනාථකර ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය).
- ඔබගේ සේවය අවසන් කරන අවස්ථාවෙදි ලැබු වැටුප තහවුරු කිරීමට අදාළ ලියවිලි
- අවසන් වරට ලැබූ වැටුප දැක්වෙන ආයතනය විසින් නිකුත් කර ඇති සේව්‍යා විසින් සහතික කරන ලද වැටුප් පත්‍රිකාව
- අවසන් වරට ලැබූ වැටුප දැක්වෙන ආයතනය විසින් නිකුත් කර ඇති සේව්‍යා විසින් සහතික කරන ලද කවර හෝ ලේඛනයක්
- වැටුප් පත්‍රිකාවක් නොමැති විටකදී. පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද වැටුප වගඋත්තරකාර පාර්ෂවය (සේව්‍යා) විසින් පිළිගෙන ඇත්නම් එම ලේඛන හෝ වගඋත්තරකරුගේ ප්රථිඋත්තර ප්‍රකාශයෙන් පිළිගෙන ඇති වැටුප සහිත ලේඛන පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- ඔබ විසින් ගොනුකරන ලද පැමිණිල්ලේ සහතික කරන ලද පිටපතක්. (පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු සත්‍ය පිටපතක් බවට සහතික කර ඉදිරිපත් කළ යුතුය).
- පැමිණිලිකරු වන ඔබ වෙනුවෙන් නීතීඥයෙක්/නීති නියෝජිතයෙක් පෙනී සිටින බව තහවුරු කෙරෙන ලියකියවිලි.
(නීතීඥ/නීතිනියෝජිතයගේ නම/ලිපිනය සහිතව. ඔබේ නඩුව වෙනුවෙන් පෙනි සිටින බව නඩු අංකය යොදා තහවුරු කරමින් ලබාගත් ලිපිය පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු විසින් අදාළ කාර්ය සාධන වාර්ථා හෝ පෙනී සිටි දින සහිතව සහතික කර ඉදිරිපත් කළ යුතුය). - ඔබේ පැමිණිල්ල/නඩුව තව දුරටත් විභාග වන්නේ නම් :
ඉදිරි නඩු විභාග දිනය නඩු අංකය සමඟ පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය. - ඔබේ පැමිණිල්ල/නඩුව විභාග වී අවසන් නම් :
අවසන් නඩු තීන්දුවේ පිටපතක් සත්‍ය පිටපතක් පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන සහතික කළ යුතු අය හා සහතික කළයුතු පිළිවෙළ කවරේද?
- පදිංචිය හා අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළ සියලුම ලියකියවිලි ග්‍රාම නිලධාරි විසින් හා ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළ යුතුය.
- වැටුප සනාත කිරීමට අදාළ ලේඛන, පැමිණිල්ලේ පිටපත නීතීඥයෙක්/නීති නියෝජිතයෙක් පෙනී සිටින බවට සහතික ආදී සියලුම ලේඛන පැමිණිල්ල ගොනුකර ඇති ආයතනයේ බලධාරියෙකු විසින් සහතික කළ යුතුය.
ඔබේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ:
- කම්කරු විනිශ්ය සභාවක නම් - සහකාර ලේකම් විසින් සහතික කළ යුතුය.
- කාර්මික අධිකරණයේ නම් - ලේඛකාධිකාරී විසින් සහතික කළ යුතුය.
- කම්කරු වන්දි කොමසාරිස් වෙත නම් හෝ
- කම්කරු දෙපාර්තමේන්තුවේ සේවයේ අවසන් කිරීම් අංශයේ නම් හෝ - කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් විසින් සහතික කළ යුතුය
සැලකිය යුතුයි: උක්ත බලධාරීන් වෙනුවට සහතික කරන්නේ නම් සහතික කිරීමට බලය පවරා ඇති නිලධාරියාගේ / ප්‍රධානියාගේ නම / තනතුර යොදා නිල මුද්‍රාව තබා සහතික කර ඉදිරිපත් කළ යුතුය.
මරණීය අනතුරු ව්යසනයන්හී දි මූල්‍යාධාර හා ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ලබාදීම
මරණීය අනතුරු ව්යසනයන්හී දි මූල්‍යාධාර හා ශ්‍රම වාසනා දූ දරු සත්කාරය යටතේ ශිෂ්‍යත්ව ලබා ගන්නේ කෙසේද?
මරණීය අනතුරු ව්යසනයන්හී දි මූල්‍යාධාර හා ශ්‍රම වාසනා දූ දරු සත්කාරය යටතේ ශිෂ්‍යත්ව ලබා ගන්නේ කෙසේද?
සේවා නියුක්තිකයෙක් කිසියම් ආයතනයක සේවය කරන්නේනම් හෝ සේවයෙ යෙදී සිටියදී හෝ අනපේක්ෂිත ලෙස අනතුරකට ලක්ව මිය ගිය අවස්ථාවලදී ඔබට ශ්‍රම වාසනා අරමුදලින් මියගිය සේවා නියුක්තිකයා වෙනුවෙන් මූල්‍යාධාර හා අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව සමග පාසල් උපකරණ කට්ටලයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
මරණීය අනතුරු ව්‍යසනය යටතේ මියගිය සේවා නියුක්තිකයන් වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද?
- මියගිය සේවා නියුක්තිකයාගේ යැපෙන්නන්ට මූල්‍යාධාර
- මියගිය සේවා නියුක්තිකයාගේ අධ්‍යාපනය ලබන යැපෙන්නාට රු. 50,000/= ක ශිෂ්‍යත්වයන් සමග රු.10,000/= ක් වටිනා පාසල් උපකරණ කට්ටලයක් ලබාදේ.
මරණීය අනතුරු ශිෂ්‍යත්ව යටතේ මූල්‍යාධාර හා ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද?
මියගිය අය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම
- මියගිය සේවා නියුක්තිකයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි
- මියගිය අයගේ ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායා පිටපතක් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- මියගිය සේවා නියුක්තිකයාගේ උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- මියගිය සේවා නියුක්තිකයාගේ මරණ සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- මියගිය අයගේ පදිංචිය සහතික කිරීමේ ලියකියවිලි DS 4 ආකෘති පත්‍රය මගින් පදිංචිය සහතික කර ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- මිය ගිය අය සේවා නියුක්තව සිටියදී අනතුරට පත්වූ බව/ සේවකයෙක් බවට සහතික කිරීමේ ලියකියවිලි සේවා යෝජකයා විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
මියගිය අයගේ යැපෙන්නන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම
අධ්‍යාපනය ලබන යැපෙන්නන් :
- ශිෂ්‍යත්ව ලාභියාගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ලියකියවිලි :
- ජාතික හැඳුනුම්පත/තැපැල් හැඳුනුම්පත/පාසල් හැඳුනුම්පත පැහැදිලි ඡායා පිටපතක් ග්‍රාම නිලධාරි මගින් ප්‍රදේශිය ලේකම් විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- ශිෂ්‍යත්ව ලාභියාගේ උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- දැනට අධ්‍යාපනය ලබන බව තහවුරු කරන ලියකියවිලි ඉගෙනුම ලබන ආයතනයේ/ පාසැල් විදුහල්පති ආයතන ප්‍රධානියා විසින් අඛණ්ඩ අධ්‍යාපනය ලබන බවට තහවුරු කර ඉදිරිපත් කළ යුතුය.
- ශිෂ්‍යත්ව ලාභියා මියගිය අයට ඇති ඥාති සම්බන්ධය තහවුරු කෙරෙන ලියකියවිලි.
ශිෂ්‍යත්ව ලාභියාගේ භාරකරු පිළිබඳ තොරතුරු
- භාරකරුගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ලියකියවිලි
- භාරකරුගේ පදිංචිය තහවුරු කෙරෙන ලියකියවිලි
- භාරකරු ශිෂ්‍යත්ව ලාභියාට ඇති ඥාති සම්බන්ධය තහවුරු කෙරෙන ලියකියවිලි භාරකරුගේ උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් හෝ වෙනත් නීත්‍යානුකූල ලියකියවිල්ලක්
- සේවා නියුක්තව සිටියදී මියගිය සේවකයාගේ පවුලේ සියලු ම රැකියා විරහිත යැපෙන්නන් පිළිබඳව තොරතුරු ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
ඔබ විසින් ඉදිරිපත් කරන ලේඛන සහතික කළ යුතු අය කවුරුන්ද? ඒ කෙසේද?
- පදිංචිය / අනන්‍යතාවය/ ඥාති සම්බන්ධතාවය තහවුරු කෙරෙන සියලුම ලේඛන (DS 4/ හැඳුනුම්පත/ උප්පැන්න සහතිකය/ මරණ සහතිකය/ විවාහ සහතිකය ආදී - ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතුය.
- ශිෂ්‍යත්ව ලාභියා අධ්‍යාපනය ලබන බව සහතික කළ යුතු වන්නේ ඉගෙනුම ලබන පාසලේ/ ආයතනයේ විදුහල්පති හෝ ආයතන ප්‍රධානියා විසිනි.
- මියගිය අය සේවා නියුක්තව සිටියදී මියගිය බව හෝ සේවකයෙක් බව සහතික කළ යුතු අය වන්නේ සේවා යෝජක හෝ ප්‍රාදේශයේ කම්කරු කොමසාරිස් විසිනි.