සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය
වෛද්‍ය සායන/අක්ෂි සායන පැවැත්වීම
සුදුසු ස්ථානයක හෝ සේවක වැඩබිමක් තෝරාගෙන වෛද්‍ය සායන පැවැත්වීම් කිරීම තුළින් නිරෝගී ශ්‍රම බලකායක් බිහි කිරීම උදෙසා කටයුතු කිරීම.
ශ්‍රමිකයින් සවිබල ගැන්වීමේ වැඩසටහන්
අඩු ආදායම් ලාභී ශ්‍රමිකයන්ගේ පවුල් වල ආර්ථිකය සවිබල ගැන්වීම උදෙසා ස්වයං රැකියා වැඩමුළු ඔවුන්ගේ පවුල්වල සෙසු සාමාජිකයින් සඳහා හදුන්වා දීම තුළින් සමෘද්ධිමත් ශ්‍රම බලකායක් බිහි කිරීම උදෙසා කටයුතු කිරීම.
ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්
ශ්‍රමිකයන් සඳහා කාර්මික සුරක්ෂිතතාවය. නිවැරදි සෞඛ්‍ය පුරුදු හා ඵලදායීතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් කාර්යක්ෂම හා බුද්ධිමත් ශ්‍රම බලකායක් බිහි කිරීම.
පූර්ව දැනුම් දීමකින් තොරව ආයතන වසාදැමූ අවස්ථාවක එහි සේවා නියුක්තිකයන්ට මූල්‍ය හා වෙනත් ආධාර
වෘත්තීය හා තෘතීය අධ්‍යාපන පාඨමාලා සඳහා යොමු කිරීම
පූර්ව දැනුම් දීමකින් තොරව ආයතන වසාදැමූ අවස්ථාවන්හිදී එහි ශ්‍රමිකයින්හට වෘත්තීමය හා තෘතීය අධ්‍යාපන පාඨමාලා සඳහා යොමු කිරීම් තුළින් වෘත්තීය පුහුණුවක් සමඟ නැවත සේවයක පිහිටු වීමෙන් විරැකියාව අවම කිරීමට කටයුතු කිරීම.
වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්
පූර්ව දැනුම් දීමකින් තොරව ආයතන වසාදැමූ අවස්ථාවන්හිදී එහි ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා රූපලාවන්‍ය, ව්‍යවසායකත්ව වැඩමුළු පැවැත්වීම තුළින් දේශීය ස්වයංව්යාපාර ආරම්භ කිරීමට දිරිගැන්වීම හා ඒ සඳහා ආධාර ලබාදීම තුළින් රටේ ආර්ථිකයට රැකියා වියුක්තිකයන් දායක කර ගැනීම.
හදිසි අවස්ථාවලදී සේවා නියුක්තයන්ට වෛද්‍ය හා වෙනත් පහසුකම් සැපයීම
වෛද්‍යාධාර ලබාදීම
ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් නම් කර ඇති වෘත්තීය රෝග වලට ශ්‍රමිකයින් ගොදුරු වූ අවස්ථාවන්හිදී ඔවුන්ට වෛද්‍යාධාර ලබාදීම තුළින් අසරණ වූ ශ්‍රමිකයින්ට රෝගී භාවයෙන් මිදීමට උපකාර කිරීම.
හදිසි ආපදා සහන ලබාදීම
ගංවතුර / නායයෑම් / භූමිකම්පා / ගිනිගැනීම් හා අරමුදල හඳුනාගත් හදිසි ආපදා තත්ත්වයන්ට ශ්‍රමිකයින් ගොදුරු වූ අවස්තාවන්හිදී පුනුරුත්තාපනය සඳහා ආධාර හා අත්‍යාවශ්‍ය වියලි ආහාර ලබාදීම තුළින් අසරණ වූ ශ්‍රමිකයන්ට එම ආපදා තත්ත්වයෙන් මිදීමට උපකාර කිරීම.
වෘත්තීමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය දැනුවත් කිරීමේ වැඩසටහන්
ශ්‍රමිකයින් සඳහා වෘත්තීමය සුරක්ෂිතතාවය. සෞඛ්‍ය හා ආපදා ආරක්ෂණ ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම තුළින් නීරෝගී ජවසම්පන්න හා සුරක්ෂිත ශ්‍රම බලකායක් බිහි කිරීම උදෙසා කටයුතු කිරීම.
සේවා නියුක්තියන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරනු ලැබූ විටකදී ශ්‍රමිකයන්ට තාවකාලික ආධාර
නීති ආධාර යෝජනා ක්‍රමය
සියලු දීමනා සහිත වැටුප රු. 40,000/= ට වඩා අඩු වැටුපක් ලබන සේවා නියුක්තියන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති විටෙක ඔවුන්ට නීති ආධාර ලබා දීමට හා නීතිමය උපදෙස් සඳහා නීති නියෝජිතයින් සම්බන්ධ කරවීම තුළින් ධෛර්යමත් ශ්‍රම බලකායක් බිහි කිරීම උදෙසා කටයුතු කිරීම.
ව්‍යසනයන්හිදී සේවා නියුක්තිකයන්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට මූල්‍යමය හා වෙනත් ප්රතිලාභ
මරණීය අනතුරු ව්‍යසනයන්හිදී මූල්‍ය ආධාර හා අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව ලබා දීම
කර්මාන්ත ශාලාවල හෝ විවිධ ආයතන වල හෝ ස්වයං ව්‍යාපාරවල හෝ ශ්‍රමිකයින් සේවයේ යෙදී සිටියදී මරණීය අනතුරුවලට ගොදුරු වූ අවස්ථාවන්හිදී එම ශ්‍රමිකයින්ගේ යැපෙන්නන්ට මූල්‍ය ආධාර සහ අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව ලබා දීමෙන් ව්‍යසනයන්හිදී ශ්‍රමික පවුල් රැකවරණය.
ස්වභාවික ව්‍යසනයන්හිදී සහන හා මූල්‍යාධාර
ශ්‍රමිකයින් ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වී ඇති විටකදි ඔවුන්ට මූල්‍යාධාර හා පුනුරුත්තාපන පහසුකම් ලබාදී එම ව්යසනභාවයෙන් මිදීමට උපකාර වී ශ්‍රමික පවුල් නැවත නගා සිටුවීම.
පූර්ණ ආබාධිත ව්‍යසනයන්හිදී මූල්‍ය ආධාර හා ආබාධිත භාවයට ගැලපෙන උපකරණ සමඟ අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශිෂ්‍යත්ව ලබා දීම.
ශ්‍රමිකයින් සේවයේ යෙදී සිටියදී අනතුරු වලට ගොදුරු වී පූර්ණ අබාධිත තත්ත්වයන්ට පත් වූවන්ට එම ආබාධිත භාවයට ගැලපෙන උපකරණ (රෝදපුටු, අත්වාරු, කිහිලිකරු, ශ්‍රවණාබාධ උපකරණ හා උපැස්යුවල්) ලබාදීම, එම ශ්‍රමිකයින්ගේ යැපෙන්නන්ට මූල්‍ය ආධාර සහ අධ්‍යාපනය ලබන යැපෙන්නන්ට ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ලබාදීම තුළින් ව්‍යසනයන්හිදී ශ්‍රමික පවුල් රැකවරණය සලසා එම ව්‍යසන භාවයෙන් මිදීමට උපකාර වීම.
සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය සඳහා විශිෂ්ට සේවයක් කර ඇති තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීම
ශ්රමයට අභිමන් වෛද්‍යාධාර පිරිනැමීම
කම්කරු සුභසාධනය වෙනුවෙන් ඇප කැප වී වැඩකරන මහජන නියෝජිතයන් හෝ කම්කරු නායකයින් බරපතල ලෙස රෝගාතුර වූ විට ඔවුන්ගේ විශිෂ්ඨ වූ එම සේවය වෙනුවෙන් ශ්රමයට අභිමන් වෛද්‍යාධාර ලබාදීම තුළින් අසරණවූ කම්කරු සුභසාධකයින්ට උපකාර වීම.
ශ්රමයට අභිමන් විශිෂ්ට සේවා ඇගයීම
කම්කරු සුභසාධනය වෙනුවෙන් ඇප කැප වී වැඩකරන මහජන නියෝජිතයන්ගේ හෝ කම්කරු නායකයින්ගේ හෝ එම විශිෂ්ඨ වූ සේවය ඇගයීම වෙනුවෙන් ශ්රමයට අභිමන් උපහාර හා ත්‍යාග පිරිනැමීම තුළින් කම්කරු සුභසාධනය සඳහා දිරි ගැන්වීම.