ඔබගේ පරිත්‍යාග වලින් කරනු ලබන ප්‍රධාන සේවාවන්

  • සේවයේ යෙදී සිටියෙදි මියගිය හෝ පුර්ණ ආබාධිත තත්ත්වයට පත්වු සේවා නියුක්තිකයන්ගේ දූදරුවන්ට රු. 60,000 වටිනා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම.
  • වෛද්‍ය කඳවුරු / අක්ෂි සායන ආදී වෛද්‍ය පහසුකම් ලබා දීම තුළින් සේවා නියුක්තිකයන් නිරෝගී ශ්‍රම බලකායක් ඇති කිරීමට උදව් කිරීම.
  • අඩු ආදායම්ලාභි සේවා නියුක්තකයන්ගේ පවුල්වල ආර්ථිකය නැංවිමට අදාළ සවිබල ගැන්වීමේ වැඩසටහන් පැවැත්වීම.
  • සේවා ස්ථානයේ තමාව ඉවත් කළ විට ඔවුන්ට නීති ආධාර වශයෙන් රු.10,000 ක් ලබා දී අධිකරණයේ සහාය ලබා ගැනීමට උදව් කිරීම.
  • දැනුම් දීමකින් තොරව සේවා ස්ථානය වැසූ අවස්ථාවකදි සේවා නියුක්තිකයන්ට නැවත රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් හා පහසුකම් ලබා දීමෙන් නැවත රැකියා වලට යොමු කිරීම.
  • සේවා ස්ථාන ආශ්‍රිත ස්වාභාවික විපත් ගං වතුර, භූ කම්පන, ජල ගැලීම්, නාය යෑම්, ගිනි ගැනීම් ආදී ස්වාභාවික ව්‍යවසන වලදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම.
  • වෘත්තීය රෝග වලට භාජනය වන සේවා නියුක්තකයන්ට එම ලෙඩ රෝග සුව කරගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා මූල්‍ය පහසුකම් ලබාදීම.

මේ ආදී ශ්‍රම වාසනා අරමුදල මගින් සිදු කරන වැඩසටහන් වලට මූල්‍යමය හෝ ද්‍රව්‍යමය උපකාර ලබාදෙමින් මෙයට දායක විය හැකි අතර ඔබ ත් මෙමගින් අලුත් වෙනසක් කිරීමට අපට සහාය වන්න.

පුවත් සහ සිදුවීම්