දැක්ම

තෘප්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්

මෙහෙවර

කම්කරු ප්‍රජාවට සුභසාධනය සැපයිම හා විපතකදි පිහිට විම සඳහා පවතින යාන්ත්‍රනයන්ගේ අඩුපාඩු පුරවමින් වඩා පොහොසත් වැඩ පරිසරයක් නිර්මාණය කිරිම සඳහා දායකත්වය සැපයිම. 


අගයන්

  1. ශ්‍රම වාසනා අරමුදල මඟින් ප්‍රතිලාභ ලබන සේවා ලාභින් සඳහා කාර්යක්ෂම වූත්, සඵලදායි වූත් සේවාවක් සැපයීම සඳහා වන සදාචාරාත්මක බැඳීම තහවුරු කිරීම.
  2. සේවා ලාභින් සඳහා සේවා සැපයිමේදි ශ්‍රම වාසනා අරමුදලේ නීති රෙගුලාසි හා ක්‍රමවේදයන්ට යටත්ව ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීම.
  3. ශ්‍රම වාසනා අරමුදල මඟින් සිදු කරනු ලබන සේවාවන් පිළිබඳව සේවාලාභීන් තුළ වඩා දැනුවත්භාවයක් ඇති කිරීම.

අරමුදල පිහිටුවීමෙහිලා පුරෝගාමීත්වය

එවකට කම්කරු විෂයභාර අමාත්‍යවරයා විසින් සුවහසක් වැඩ කරන ශ්‍රී ලාංකීය ජනතාවගේ සුභ සාධනය ඉහළ නංවා ඔහුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් තෘප්තිමත් ශ්‍රම බලකායක් බිහිකිරීම, අරමුණින් ශ්‍රම වාසනා අරමුදල පිහිටුවීමෙහිලා පුරොගාමීකත්වය දරන ලදී. මෙය මුලු මහත් සේවක ජනතාව ලැබු මහඟු ජයග්‍රහණයකි.

කම්කරු පන්තිය ලැබූ මෙම ජයග්‍රහණය විජයග්‍රහණයක් කරනු වස් වර්ෂ 1998 දී ජාතික ලොතරැයි මණ්ඩලය හා ඒකාබද්ධව සේවා නියුක්තයන්ගේ සුභ සාධානය නගා සිටුවීම සඳහා ශ්‍රම වාසනා අරමුදලට අරමුදල් ඉපයීමේ පරමාර්තයෙන් ශ්‍රම වාසනා නමින් සූරන ලොතරැයියක් අරම්භ කිරීම සුවිශේෂ කරුණකි. මෙම ශ්‍රම වාසනා ලොතරැයිය කම්කරු ජනතාව වෙනුවෙන් වූ එකම ලොතරැයිය බවට පත්විය. පසුව මෙම ශ්‍රම වාසනා සුරන ලොතරුයිය විවිධ වූ ත්‍යාග රටාවක් සමගින් දෑවැද්ද 01 දෑවැද්ද 02 ආදි වශයෙන් සෙසු ලොතරැයි අතර තරගකාරිත්වයක් සමගින් ශ්‍රම වාසනා අරමුදලට මුදල් උත්පාදනය කර ලබා දෙන ලදී.

ඉමහත් පරිශ්‍රමයකින් අනතුරුව මෙම ශ්‍රම වාසනා සුරන ලොතරැයිය 2012-12-18 වෙනි දින සිට ශ්‍රම වාසනා නමින් ඉරු දින දිනුම් අදිනු ලබන ලොතරැයියක් බවට පරිවර්ථනය කරනු ලැබීම, සේවක ජනතාව ලැබූ විජයක්ග්‍රහණය තව දුරට ත් තහවුරු කරනුයේ ශ්‍රම වාසනා අරමුදල වැඩි වැඩියෙන් මුදල් උත්පාදනය කරමින්ය

ඉරු දින ලොතරැයි අලෙවිය සඳහා මහජනතාව නොගැවසුනු හෙයින් හා ලොතරැයි අලෙවි කරුවන් නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ශ්‍රම වාසනා ලොතරැයියේ කාර්ය සාධනය පහත වැටුනි. වැඩකරන ජනතාව වෙනුවෙන් වූ එකම ලොතරැයි යලි පණ ගැන්වීමේ අරමුණින් සිත් ඇදගන්නා සුලු නව ත්‍යාග රටාවකින් සෙනසුරාදා ජාතික සම්පත නව මුහුණුවරක් ගෙන සේවක සුභ සාධනය උදෙසා 2010-03-06 දින සිට කරලියට පැමිණියේය. දැනට වෙළඳපළේ සීඝ්‍රයෙන් අලෙවි වන මෙම සෙනසුරාදා ජාතික සම්පත සෙසු ලොතරැයි අතර වර්ථමාන වෙළඳපළේ දැවැන්තයා බවට පත් වෙමින් සේවානියුක්තිකයන්ගේ සුභ සාධනය උදෙසා එකම මුදල් උත්පාදක යාන්න්‍රය බවට පත්ව ඇත.

 

පුවත් සහ සිදුවීම්